ගමක් ගානේ බාර් දාලා කසිප්පු මර්දනය කරනවා…! – මුදල් රාජ්‍ය ඇමැති..

December 3, 2023 at 9:59 am | by emanisa.lk

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවයි. සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව ද හෙතෙම සඳහන් කරයි.

වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා භාවිතය 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බව ඔහු පෙන්වා දුන්නේ.

මෙම තත්ත්වයට සුරා සල් ව්‍යාප්තිය ද හේතුව වන බව කී අමාත්‍යවරයා, මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දෙයි.

ඇතැම් ප්‍රදේශවල කිලෝ මීටර් 80ක පමණ ගෙවා අරක්කු කාලක් මිලට ගැනීමට සුරාසලක් වෙත යා යුතු බව ද එවිට ජනතාව නිතැතින්ම නීති විරෝධී සුරාපානයට යොමු වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *