පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්රහාරයට දේශපාලන හස්තවල සම්බන්ධයක් නොමැති බවට විශ්වාස කරන්නේ ශ්රී ලංකාවේ ජනගහණයෙන් සියයට 08ක ප්රමාණයක් බව පසුගිය ඔක්තෝබර් මස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්රකාශ කරයි.
පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්රී ලංකාවේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ප්රමාණයක් විශ්වාස කරන බවත් එය ප්රතිශතයක් ලෙස සියයට 53ක් බවත් එම සමීක්ෂණය වැඩි දුරටත් අනාවරණය කරයි.
ඉන් 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්රහාරය පසුපස දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්රී ලාංකීය අන්තවාදීන් සිටින බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් සියයට 30 කගේ මතය වූ බවත් දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙපාර්ශ්වය සමඟ කටයුතු ලාංකික අන්තවාදීන් පාස්කු දින ප්රහාරය පසුපස සිටින බව සියයට 23කගේ මතය වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.