පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙකුට මගෙන් සමාවක් නෑ..! – සජිත්..

November 30, 2023 at 2:11 pm | by emanisa.lk

පාස්කු ඉරුදින ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරි නිලධාරීන් කිසිවකුට හෝ රැකවරණය සැලසීම වැරදි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එලෙස රාජකාරි පැහැර හැරි නිලධාරීන්ට තම රජයක් යටතේ කිසිම සමාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

“පාස්කු ඉරුදින ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් විවාද කිහිපයක් මෙතන පැවැත්වූවා. නමුත් සිද්ධ වෙච්ච දෙයක් නැහැ. ගෝඨාභය බලයට ආවේ මහ මොළකරු හොයනවා කියලයි. වර්තමාන ජනාධිපති ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය උපයෝගී කරගෙන පරීක්ෂණ පවත්වනවා කියලා කිව්වා. නමුත් තවමත් මුකුත් වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම සිදු වෙලා තියෙන්නෙ සැඟවීමක්.

රදගුරු සම්මේලනය රදගුරු තුමා කතෝලික ජනතාව මේ සම්බන්ධයෙන් සත්‍ය සොයනවා. ඒ ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙකුට සමාවක් නැහැ. අපි ඒ අයට පියවර ගන්නවා. පාස්කු ඉරුදින ප්‍රහාරයේදී රාජකාරි කටයුතු නොකර පැහැර හැරපු අයට කිසිම ආකාරයක රැකවරණයක් දිය යුතු නෑ. සියලු කතෝලික ජනතාව මේ ගැන වේදනාවකට පත් වෙලා ඉන්නවා. ත්‍රස්තවාදයාට අපේ රටේ ඉඩක් නෑ.”

හෙතෙම පාර්ලිමේන්තුවේදී ඊයේ (30) මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *