සජිත්ගේ කැපෑසිටිය දැනගන්න දිගටම මයික් එක දෙන්න..! – නලින්ද ජයතිස්ස…

November 29, 2023 at 9:03 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ තරම පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරයෙන් ජනතාව තේරුම් ගත් බව ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පවසයි.

පාර්ලිමේන්තුව තුළ සජිත් ප්‍රේමදාසට දිගටම මයික් එක ලබා දුන්නේ නම් ඔහුට කළ හැක්කේ කුමක්දැයි ජනතාවට තවත් හොඳන් අවබෝධ කරගත හැකි බවයි, නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුවේ යම් යම් පිරිස් සමග සාකච්ඡා කරමින් අහවල් අහවල් සන්ධාන හදන්නේ යැයි මාධ්‍ය සංදර්ශන පැවැත්වීම හැර ඔහුට කළ හැකි දෙයක් නැතැයි ද නලින්ද ජයතිස්ස වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *