දරුණු අපරාධකරුවන් රඳවන අධි ආරක්ෂිත බූස්සේ CCTV කඩලා..!

November 27, 2023 at 12:03 pm | by emanisa.lk

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධති 23ක් එහි රඳවා සිටින විශේෂ ගණයේ රැඳවූවකු විසින් කඩාබිඳ දමා ඇතැයි වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පෙරේදා (25) උදෑසන ව්‍යායාම කටයුතු සඳහා මෙම රැඳවූවා ඇතුළු සෙසු පිරිස පිටතට ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී මොහු මෙම කැමරා පද්ධතිවලට හානි කර ඇති බවද කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

මංකොල්ලකෑම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරුවා මීට පෙරද මෙම බන්ධනාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවලට හානි කිරීම සම්බන්ධයෙන් නඩුවක් පවතියි. මෙම සිද්ධිය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එදින රාජකාරියේ සේවයේ යෙදී සිටියේ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ද කොමසාරිස්වරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *