රංජිත් බණ්ඩාර ක්‍රිකට් විමර්ශනයෙන් ඉවත් කරයි..!

November 25, 2023 at 6:51 pm | by emanisa.lk

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙය රංජිත් බණ්ඩාර ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවට ද කතානායකවරයා එහි දී ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *