හිටපු ජනාධිපතිවරුන් නඩත්තුවට අයවැයෙන් ලක්ෂ 1100ක්…!

November 25, 2023 at 3:19 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස නඩත්තුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 1100ක් ලබන වසරේ දී වෙන් කිරීමට අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී වැය කිරීමට අපේක්ෂා කරන මුදල 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 45ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සඳහා රුපියල් ලක්ෂ 292 බැගින්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක්ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ භාර්යාව වන හේමා ප්‍රේමදාසට රුපියල් ලක්ෂ 68ක්ද ලබන වසරේ දී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාසට 2022 වර්ෂයේ අයවැයෙන් පොදුවේ වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 757 ක මුදලකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *