දිගට ම වැස්සොත් කරන්ට් බිල අඩු කරන්න දැනුම් දෙනවා..! – අමරවීර…

November 24, 2023 at 2:45 pm | by emanisa.lk

අධික වර්ෂා තත්ත්වය දිගටම පැවතුණහොත් ඉදිරියේදී ජනතාවට විදුලි බිලෙන් සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මිනිස්සුන්ට විදුලි බිල ගෙවා ගැනීමේ අපහසුවක් තිබෙන බව පිළිගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයා, මෙම තත්ත්වය දිගට ම පැවතුණ ද එක්වරම මිල අඩු අඩුකිරීමක් කළ නොහැකි බව ද කීය.

යම් සහනයක් ලැබෙනවා නම් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඒ සහනය අනිවාර්යෙන්ම ජනතාවට දෙන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *