ගෝඨා මහින්ද බැසිල් පාපතරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු…!

November 24, 2023 at 8:34 am | by emanisa.lk

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී ඊයේ (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය.

ඔවුන්ට තව දුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

ගෝඨා මහින්ද බැසිල් ඇතුළු රට බංකොලොත් කළ පාපතරයින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් “යුක්තිය වෙනුවෙන් ජනමතය” මැයෙන් එම අත්සන් ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.

මෙහි දී මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශාල පිරිසක් මෙම මහජන පෙත්සම සඳහා අත්සන් කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *