වර්ජනය මැද අධිවේගයට ලක්ෂ 86ක ආදායමක්..!

November 23, 2023 at 10:03 am | by emanisa.lk

ඊයේ (22) වර්ජනය අතරතුර අධිවේගී මාර්ගවලින් රුපියල් ලක්ෂ 86ක් උපයා ඇතැයි වාර්තා වෙයි.

වසරේ හිඟ නිවාඩු දින සඳහා වැටුප් ඉල්ලා මෙම වර්ජනය කැඳවා තිබිණි. 11 000ක් පමණ වන අධිවේගී මාර්ග කාර්ය මණ්ඩලය ඊට සම්බන්ධ වී තිබිණි.

කෙසේ වුව ද ත්‍රිවිධ හමුදාව යොදවා අධිවේගී මාර්ගවල ධාවන කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *