හිටපු ජනාධිපතිවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කළ යුතුයි..! – දයාසිරි..

November 22, 2023 at 7:25 pm | by emanisa.lk

ජනාධිපති ධූරයේ කටයුතු කොට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වහාම නීති මගින් නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එය වැරදි පූර්වාදර්ශයක් බවත්, රටේ තිබෙන ඉහළම තැනට ගොස් යළි පාර්ලිමේන්තුවට පැමිණීම සදාචාරයක් ඇති වැඩක් නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ ද ඉදිරියේ දී නැවත පාර්ලිමේන්තුවට පැමිණේ දැයි නොදන්නා බව ප්‍රකාශ කළ දයාසිරි ජයසේකර, ජේ.ආර්. ජයවර්ධන සහ චන්ද්‍රිකා කුමාරතුංග එලෙස නොකොට සිය ගෞරවය ආරක්ෂා කරගත් බව ද සඳහන් කළේය.

අද (22) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *