රට විනාශ කළ හොරු කල්ලිය අයවැයට පක්ෂ වුණා…! – සජිත්…

November 22, 2023 at 9:00 am | by emanisa.lk

රට බංකොලොත් කළ රට විනාශ කළ හොරුන් 2024 අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“රට විනාශ කරපු, රට බංකොලොත් කරපු හොර හැතිකරයට 122ක හොර වරමක් රට බංකොලොත් කරපු වරමක් ලබාදුන්නු අවස්ථාවක්. ඉතින් මම ඔය වගේ දේකට පටහැණි ප්‍රතිඵලයක් මේ දේශපාලන වහල්ලුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

ලක්ෂ 220ක් මේ රටේ ජනතාව අන්දවන නරිනාටක, නාඩගම් තමයි අපට ආණ්ඩු පාර්ශ්වයෙන් දකින්න ලැබෙන්නෙ. ඉතින් මං හිතන්නෙ තව දුරටත් මේ රටේ ජීවත් වන්නේ ලක්ෂ 220ක් මෝඩයෝ කොට්ඨාසයක් හැටියට සලකලා තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඉදිරි ජනවරමේදී බලාගන්න පුළුවන් හැමෝගෙම පැටිකිරිය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *