ආර්ථිකය විනාශ කළා යැයි අධිකරණය පවා තීන්දු කර තිබෙන කල්ලියක ග්‍රහණයට හසුවූ රනිල් වික්‍රමසිංහගෙන් රට ගොඩනැගීමේ ආර්ථික දැක්මක් බලාපොරොත්තු විය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
දේශීය ඉතිරි කිරීම් අඩු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය ගොඩනැගීම සඳහා විදේශීය ආයෝජනය කැඳවා ගැනීමට හැකි වංචාව හා දූෂණයට වැට බඳින පරිසරයක් ගොඩනැගීමට ඉදිරි රජයක දී තමන් කැපවන බවයි, මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ලෝක වෙළෙඳපොළට තරඟකාරීව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් අවශ්‍ය රැකියා නිර්මාණය කිරීමට මීට වඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය අතර ප්‍රාග්ධනය ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ ආයෝජන බව හෙතෙම පෙන්වා දෙයි.
එම ආයෝජන ප්‍රමාණවත් ලෙස රට තුළ සොයා ගැනීමට අපහසු නිසා විදේශීය ආයෝජනයන්ට වැඩි අවස්ථාවක් ලබාදී එම අභියෝගය ජයගත යුතුව ඇති බව ඔහු පවසයි.
ක්‍රිකට් හොරු, බෙහෙත් හොරු, පරිසර හොරු වැනි කම්බ හොරු ඉහ වහා ගොස් තිබෙන වකවානුවක වංචාවට සහ දූෂණයට වැට බැඳීම අත්‍යවශ්‍ය කාරණයක් නමුත් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් වත්මන් රජය ඉදිරිපත් කර නොමැතිවීම කනගාටුවට කරුණක් බවද මන්ත්‍රීවරයා කියයි.
2024 අයවැය මගින් සිදුකර තිබෙන්නේ තැලී පොඩිවී සිටින ජනතාවගෙන් තව තවත් පාරිභෝජන බදු අයකරමින් බදු ආදායම වැඩිකර ගැනීම වන අතර එය කොතෙක් දුරට සාර්ථකවේදැයි අවිනිශ්චිත බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.