ජනතා සහන නැති අයවැයට ඡන්දය දෙන්න බෑ…! – නාමල්…

November 22, 2023 at 8:49 am | by emanisa.lk

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම ඊයේ (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බව හෙතෙම සඳහන් කරයි. තමා ජනතාවට සහන දීම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙවර අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ඒවා බවත් මන්ත්‍රීවරයා කීවේය.

2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනාම මෙවර අයවැයට ද ඇතුළත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක්ද අයවැයේ නොමැති බවත් එසේම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *