පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුවට පැමිණ ක්‍රිකට් ආයතනයේ ප්රශ්නය සාකච්ඡා කිරීමට තමා සූදානම් නැතැයි කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර පවසයි.
ඔහු අද (16) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාරගේ පුතා කෝප් කමිටුවේ වාඩි කරගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු ඇතිවූ සංවාදයේදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මේ බව කීය.