වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් ආයතනවලට පසුගිය කාලයේ පත්කර සිටි සභාපතිවරුන්ට සිය තනතුරුවලින් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය නියෝග කොට තිබේ.
කෙසේ වුව ද සිය තනතුරුවලින් ඉල්ලා අස් නොවන ලෙස අදාළ සභාපතිවරුන්ට දැනුම්දුන් බව පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
පසුගියදා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත්වූ රන්ජිත් සියඹලාපිටිය මහතා සියලුම ආයතන ප්‍රධානීන්ට ඉවත්වන ලෙස දැනුම් දී ඇත්තේ නව අමාත්‍යවරයාට නව කාර්ය මණ්ඩලයක් පත්කර ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමිනි.
එහෙත් ඒ අනුව තම සභාපතිවරුන්ට කටයුතු නොකරන ලෙසත් අමාත්‍ය සියඹලාපිටියට අවශ්‍ය නම් එම නිලධාරීන් තනතුරුවලින් ඉවත් කරන ලෙසත් සිය පක්ෂය විසින් දැන්වූ බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
අමාත්‍ය සියඹලාපිටිය පොහොට්ටුව විසින් නම් කරන ලද වැවිලි අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන්ට ඉවත්වන ලෙස දැන්වීම ගැන පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රුස්වීමේදී මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි ද වාර්තා වෙයි.