වර්ෂාධික කාලගුණ තත්ත්වය නිසා දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුළු ප්රධාන ජලාශ 18ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශනි විදානපතිරණ පවසයි.
මීට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්රධාන ජලාශ 73හි ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවයි, සුදර්ශනී විදානපතිරණ ප්රකාශ කළේ.
ඒ අනුව දිවයිනේ සියලු ජලාශවල ජල මට්ටම 50%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂය ඉක්මවා ඇති බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.