රාජ්‍ය සේවකයින්ට රු. 10 000ක වැටුප් වර්ධකයක්…!

November 5, 2023 at 4:01 pm | by emanisa.lk

2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000/- ක පමණ වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දෙන බව ප්‍රකාශ කළ අතර අනතුරුව ඒ බව අමාත්‍ය මණ්ඩලයට ද දැනුම් දුන්නේය.

ඒ අනුව ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවන්නට ඉඩ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *