හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගිය බවට සැක කළ සුජිත් යටවර බණ්ඩාර මරුමුවට පත්ව ඇති බව ඊශ්‍රායල පොලීසිය තහවුරු කර තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ හඳුනානොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කළ බවය.
මේ අතර සුජිත් යටවර බණ්ඩාර දේහය ශ්‍රී ලංකාව වෙත එවීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.