සුබවාදී පිළිතුරක් ලැබුණා..! වර්ජනය දැනට නිමයි..! – GMOA

November 3, 2023 at 3:51 pm | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් දියත් කළ වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ කියා සිටියේ, රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබිණි.

සමස්ත සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම සහ එහි උන්නතිය වෙනුවෙන් හා රට හැර යන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *