අතුරුදන් ශ්‍රී ලාංකිකයා හමාස් ත්‍රස්තයින්ගේ අත්අඩංගුවේ…!

October 31, 2023 at 5:40 pm | by emanisa.lk

ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරය අතරතුර අතුරුදන්වූ සුජිත් යටවර බණ්ඩාර හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර සිටිය හැකි බවට සැක කරන බව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ දරුවන් විසින් ලබා දී තිබූ DNA සාම්පල් හා මෘත ශරීර අතර ගැලපීමක් ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතී.

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ හමාස් සංවිධානය රතු කුරුස සංවිධානය ඔස්සේ ප්‍රාණ ඇපකරුවන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කළහොත් ඔහු මුදාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

2015 වසරේ ඊශ්‍රායලයේ රැකියාව සඳහා ගොස් ඇති වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන සුජිත් යටවර බණ්ඩාර 48 හැවිරිදි වියේ පසුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *