රටේ සිටින පොඩි දරුවන් පවා රනිල් වික්‍රමසිංහ හඳුනා ගන්නේ මොළයක් ඇති නායකයෙකු වශයෙන් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
අතීතයේ සිට ම සියලු එජාප නායකයින් අගමැති ජනාධිපති ධූරවලට පත්ව මේ රට දියුණු කිරීමට කටයුතු කළ බවයි, ඇමැතිවරයා සඳහන් කළේ.
එජාප නායකයින් රට හැදුවා මිස පාක්ෂිකයින් හැදුවේ නැති බවත් එජාප පරම්පරාවල නූපන් දරුවන් පවා අනාගතයේ ඒ ගැන සතුටු වනු ඇති බවත් හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
මේ වන විට ජනාධිපති අපේක්ෂකයින් දුසිම් ගණනක් බිහිව ඇති අතර දේශපාලන අත්දැකීම් නොමැති නායකයෙකුට රට භාරදුනහොත් නැවත රට අගාධයට වැටෙනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීම් කළේය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී එජාප මහා සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.