පළමු සමාලෝචනයෙන් පසුව ශ්‍රී ලංකා බලධාරීන් අතර තමන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් පමණ හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.