ඊශ්‍රායල් පලස්තීන යුද ගැටුම නිසා පලස්තීන ජනතාව පීඩාවට පත්වෙමින් මිය යමින් ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පැවතිය යුතු වුව ද පලස්තීනය බිහි වූ දා සිට එම ජනතාවට එරෙහිව කෙනෙහිලිකම් සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
මෙම යුද්ධය නතර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා මැදිහත් විය යුතු බව ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.
කොළඹ පලස්තීන තානාපති කාර්යාලයට ගොස් එහි තානාපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.