ජනතාව නාටකවලට අහුවුණොත් අන්තිම වෛද්‍යවරයත් රට හැර යනවා…! – පාඨලී….

October 17, 2023 at 10:50 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනතාව ඉතාමත් බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු සඳහන් කළේ එසේ නැතහොත් සියලු බුද්ධිමතුන් රට අතහැර යනු ඇති බවයි.

“මේ එළඹෙන ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව 2019 දී වගේ මාධ්‍ය නාටකවලට, ඒ වගේම සමාජ මාධ්‍ය කූට නාටකවලට, ඒ වගේම අද වෙනකොට කෘත්‍රිම බුද්ධියෙන් හදන නාටකවලට, ඒ වගේම කළු සල්ලිවලින් හදන ප්‍රතිරූපවලට අහුවෙලා කටයුතු කළොත් මේ රටේ අන්තිම වෛද්‍යවරයාත් මේ රටේ අන්තිම වරලත් ඉංජිනේරුවාත් මේ රටේ අන්තිම ආචාර්ය, මහාචාර්යවරයාත් නැති රටක් ඉදිරි අවුරුදු කිහිපයේ දී නිසැකවම බිහිවෙනවා.

ඒ නිසා කළමනාකරණය හැකියාව ඇති අවංකත්වය ඇති නව දේශපාලන වටපිටාවක් පැන්ඩියම් එකක් හදන්න පුළුවන් පිරිස් ගැන විශ්වාසය පළ කරලා ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ. ඒ වගේම නව පරපුරකට ඒක ඇතුළේ වැඩි ඉඩකඩක් දෙන්න ඕනෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *