ගෝඨා විනාශ කළ රට සජිත් ජනාධිපති කර ගොඩගන්න ජනතාව ඉන්නේ නොඉසිල්ලෙන්….!

October 16, 2023 at 8:52 am | by emanisa.lk

මැතිවරණවලට බිය වි මේ රටේ පාලකයින් 2025 වසර වන තෙක් මැතිවරණ කල් දැමිමට කටයුතු කරමින් සිටින බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.

ඔහු ඊයේ (15) හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පාක්ෂිකයන් දැනුම්වත් කිරීම සඳහා පැවති උත්සවයේදි ඒ බැව් කීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් කියා සිටියේ වත්මන් රජය ජනතාව පිට විශාල බදු බරක් පටවා ජනතාව පිඩාවට පත් කර ඇති බවයි.

මේ රටේ ඡන්දදායකයින් ඡන්දයක් පැවැත්වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින බවත්, මැතිවරණයක් පැවැත්වුවහොත් වත්මන් රජය පලවා හැරීමට රටේ ඡන්දදායකයින් බලා සිටින බවත් පලනි දිගම්බරම් කියා සිටියේය.

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේ දි ඡන්ද බලයක් නොමැති අය පවා එම මැතිවරණයට ඉදිරිපත් විමට සුදානම් වි සිටින බවත්, එම මැතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම රටේ ජනාධිපතිවරයා වශයෙන් තේරි පත් වන බවත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය ඉහළ දැමීමට පොරොන්දු වි ඇති බවත්, වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් පර්චස් 10 ඉඩමක් ලබාදෙන බවත් හෙතෙම කියා සිටියේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙසට ඡන්දදායකයින් දැනුම්වන් කළ ද එය නොතකා රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ තොරාපත් කර ගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මේ රට විනාශ කළ බවයි, පලනි දිගම්බරම් වැඩිදුරටත් කියා සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස