පොහොට්ටුවෙන් පැන්න 25කගේ මන්ත්‍රී ධූර අනතුරේ…!

October 15, 2023 at 8:23 am | by emanisa.lk

නසීර් අහමඩ් නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගෙන සිය පක්ෂයෙන් මන්ත්‍රී ධූර ලබාගෙන දැනට වෙනත් පක්ෂවලට සම්බන්ධව සිටින මන්ත්‍රීන් එරෙහිව කඩිනමින් විනය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඒ සඳහා විශේෂ නීතිඥ මණ්ඩලයක් පත්කරන ලද බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිසබයට පත්වූ මන්ත්‍රීන් 35 දෙනකු පක්ෂ මාරු කර හෝ ස්වාධීන මන්ත්‍රීන් ලෙස සභාවේ කටයුතු කරන බව සඳහන්ය.

ඒ අය අතර අවබෝධතා ගිවිසුම් යටතේ පොදුජන පෙරමුණට එක්වූ පක්ෂවල පිරිසක්ද වෙති. ඒ අනුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නනායක්කාර වැනි සෙසු පක්ෂවල මන්ත්‍රිවරුන්ට එරෙහිව නෛතික පියවර ගැනීමේ හැකියාවක් පොදුජන පෙරමුණට නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *