ඊශ්‍රායලයට එරෙහිව මුජිබර් සටනට…!

October 13, 2023 at 7:34 pm | by emanisa.lk

පලස්තීන අහිංසක ජනතාවට ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් ඊශ්‍රායලයට විරෝධය පෑම සඳහා විරෝධතාවක් පැවැත්විණි.

අද (13) දහවල් කොළඹ දවටගහ පල්ලිය අසල මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

ඒ සඳහා සමගි ජන බලවේග කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් සහභාගී විය.

රටක් නැතිව සිටි යුදෙව් ජනතාවට අනුකම්පා කොට පලස්තීන ජනතාව එහි රැඳී සිටින්නට ඉඩ දුන් බවත් 1947ට පෙර ඊශ්‍රායලය යනුවෙන් රටක් ලෝක සිතියමේ නොතිබුණු බවත් එහි දී විරෝධතාකරුවෙකු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *