මෑතක දී ආනයනිත සිමෙන්ති සඳහා 100%ක බද්දක් පනවා එහි සිල්ලර මිල රු. 2600ක් බව ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
එහෙත් ගණනය කර බැලීමේ දී කිලෝ 50ක එම සිමෙන්ති කොට්ටයක් සඳහා දරා ඇති සම්පූර්ණ වියදම රු. 832ක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.
බදු සමග සිමෙන්ති කොට්ටයක මිල රු. 1950ක් වුව ද ආණ්ඩුව එම සිමෙන්ති රු. 2600 දක්වා විකිණීමට අවස්ථාව ලබා දී ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මේ නිසා සමාගම් කිහිපයක් අධික ලාභ උපයන අතර ඉදිකිරීම් කර්මාන්තය බිමට සමතලා වී ඇතැයි ද පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.