අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දමන අතර එහි නව මිල රුපියල් 3,470 කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමන අතර එහි නව මිල රුපියල් 1,393ක් වෙයි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650කි.