නාමල්ගේ වෙඩිමෙ ලක්ෂ 26 ලයිට් බිල සනත් නිශාන්ත ගෙවයි…!

October 2, 2023 at 6:58 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂගේ විවාහය වෙනුවෙන් මැදමුලන නිවසේ මාර්ග සඳහා ලබා දුන් විදුලිය සඳහා රු. ලක්ෂ 26කට අධික විදුලි බිල තමන් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

මෙම විවාහය සිදුවන විට නාමල් රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු බවත් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වූ අතර අගමැති ලෙස කටයුතු කළේ වත්මන් ජනාධිපතිවරයා බව ද හෙතෙම පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අදාළ විදුලි ලබා ගැනීම එම විවාහ මංගල්‍යය සඳහා එකතු වූ එවක ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ඉල්ලීමක් අනුව ලබා දී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *