ආර්ථික අර්බුදය මේ මාසේ විසඳනවා..! – මහින්දානන්ද….

October 2, 2023 at 11:49 am | by emanisa.lk

රට තුළ පවතින ආර්ථික ගැටලුවට මේ මාසය තුළ දී විසඳුම් ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මුදල් ලැබිමෙන් පසු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළිත් සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි, ඔහු සඳහන් කළේ.

පොහොට්ටු රජය තරම් කිසිදු රජයක් මේ රට තුළ සංවර්ධන කටයුතු සිදු නොකළ බවත්, යළිත් එම සංවර්ධන කටයුතු ආරම්භ කිරිමෙන් පසු නාවලපිටිය ආසනය තුළ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සියල්ල ආරම්භ කරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *