ශ්රී ලංකා නිදහස් පක්ෂ ආරම්භක නැකතින් එහි සභාපතිවරයාට සහ ලේකම්වරයාට අපල බව ශ්රීලනිප උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සිට සියලු දෙනාට එහි අනිටු ප්රතිඵල විඳින්නට සිදු වූ බවයි.
වර්තමාන පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර අතර ගැටුමට හේතුව ද මෙම අපලය බවයි, ශාන් විජයලාල් සඳහන් කළේ.