විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රිගේ පුතා ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත කණ්ඩායමට ඇතුළත් කර ගෙන තිබේ.
මෙය හුදු ඥාති සංග්‍රහයක් බවට චෝදනා නැගෙන අතර ඒ සඳහා මහජන මුදල් වියදම් කිරීම පිළිබඳ සමාජ මාධ්‍යවල දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
කෙසේ වුව ද අමාත්‍ය අලී සබ්රි පවසන්නේ ඇමරිකාවේ ඉගනුම ලබන සිය පුතා ස්වේච්ඡා පදනම යටතේ තම පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය කරන බවත් ඔහුගේ විශේෂඥ දැනුම ලබා දීම සඳහා මෙම හමුවට එකතු වූ බවත්ය. ඒ සඳහා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.