ඇත්ත හංගන්න සමාජ මාධ්‍ය පාලනයට සූදානම්…!

September 21, 2023 at 9:10 am | by emanisa.lk

ආණ්ඩුව හදිසියේම සමාජ මාධ්‍ය පාලනය සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව අනාවරණය වන අලුත් තොරතුරු පැතිරවීම වැළැක්වීමේ අරමුණින් මෙම නීති ගෙන එන බවටයි, ඔහු චෝදනා කළේ.

ආණ්ඩුවට එරෙහිව සාකච්ඡා වන චැනල් ෆෝ වීඩියෝව ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා වාරණය කිරීමේ අරමුණෙන් ආණ්ඩුව කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

රුසියාව, චීනය, උතුරු කොරියාව මෙන් ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරමින් ඒකාධිපති පාලනයක නිරත වන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (20) ඔහු කීවේය.

ආණ්ඩුවේ දුෂණ, වංචා ඇතුළු තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *