බංකොලොත් රටක මූල්‍ය මධ්‍යස්ථානයක් අරඹනවා යැයි කීම විහිළු කතාවක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
කොළඹ පෝට්සිටියේ නම කොළඹ මූල්‍ය නගරය කියා වෙනස් කරන බව කිව්වත්, එය නොකළ යුතු දෙයක් බව තමා සිතන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔහු කියා සිටියේ සිංගප්පූරු, ඩුබායි වැනි මූල්‍ය නගර දෙකක් මැද්දේ තවත් මූල්‍ය නගරයක් ඇති කිරීම පහසු දෙයක් නොවන බවයි.
ඉන්දියාවටවත් එවැනි මූල්‍ය මධ්‍යස්ථානයක් නොහැකි වූ බව කී මන්ත්‍රීවරයා, මධ්‍යස්ථාන දමනවාට වඩා වරාය නගරයේ දැනුම් මධ්‍යස්ථානයක් පිහිටු විය යුතු බවට යෝජනා කරන බව ද සඳහන් කළේය.
එක් සතියකට ඩුබායි ගොස් කොළඹ මූල්‍ය නගරය කියා දෙයක් හඳුන්වා දෙන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය යළි පරීක්ෂා කරන්නැයි ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.