ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව සජබ ශ්‍රේෂ්ඨාධීකරණයට…!

September 19, 2023 at 9:34 am | by emanisa.lk

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේ, මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බවය.

“ප්‍රති-ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ දී පාර්ශ්ව කිහිපයක්ම අධිකරණයට ගිහින් ප්‍රති-ත්‍රස්ත පනත සුදුසු නැති බව කිව්වා. ඒ වගේම ලෝක සංවිධාන රාශියක් මේක කිව්වා.

ඉන්පසුව නැවත වරක් ඒක සංශෝධනය කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ තාම ගැසට් කරාට. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ දවස් 14ක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න.

කෙසේ වෙතත් අපිට තාම සංශෝධිත පනත ලැබිලා නෑ. සංශෝධනය කළත් අපි මෙයට විරෝධය පළ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයට යන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *