පාසැලේ සිය පන්තියේ සිසුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය උල්ලංඝනය කළ මධ්‍යම පළාතේ ගුරුවරුන් දසදෙනකු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ස්ථාන මාරු කර තිබේ.
අදාළ චක්‍රලේඛය උල්ලංඝනය කළ මෙම ගුරුවරුන් දස දෙනා සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් පවත්වා අමාත්‍යාංශ නිර්දේශය අනුව මෙම තීන්දුව ක්‍රියාත්මක කර ඇත.
මෙම ගුරුවරුන්ගෙන් කිහිපදෙනකු ස්ථාන මාරුව භාර නොගෙන අභියාචනා ඉදිරිපත් කර තිබෙන අතර අභියාචනා විමර්ශනයෙන් පසු යම් ගුරුවරයකු ස්ථාන මාරුව භාර නොගන්නේ නම් එය සේවය හැර ගියා සේ සැලකීමක් බව ද හෙතෙම කීවේය.
සිය පාසලේ පන්තියේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ එම පන්තිවලට පැමිණෙන දරුවන්ට ගුරුවරුන් විශේෂ කොට සලකන බවට ලැබුණු පැමිණිලි හේතුවෙනි.
මේ වන විට තම පන්තියේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම ගුරුවරුන්ට තහනම් කරමින් සබරගමුව පළාත ද චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.