සජබ ආණ්ඩුවක් හදන්න ජනතාව මග බලන් ඉන්නවා..!

September 15, 2023 at 3:54 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ කුමන්ත්‍රණයකින් බවත් ඒ ගැන ජාත්‍යන්තරය පවා දැනුම්වත් බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“අද රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටිලා. ජනතාව ජීවත්වීමේ සටනක යෙදෙනවා. මේ කුමන්ත්‍රණකාරි ආණඩුව පලවා හැරීමට ජනතාව මඟ බලාගෙන ඉන්නවා. අද රටේ රහස් ඔත්තු සේවාවේ ප්‍රධානියට පවා චෝදනා එල්ල වෙලා. රටට, ජනතාවට වග කියන ආණ්ඩුවක් රටේ නැහැ.

මේ නිසා මේ රටට වග කියන පාලනයක් අද අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ පාලනය භාර ගන්න සමගි ජන බලවේගය සූදානම්. අද පොදුජන පෙරමුණට ගමට යන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරලා වැඩක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ භයංකාර ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන විට එක ඡන්දයක්වත් හිමි වෙන්නේ නැහැ. ඉදිරියට එන්නේ මැතිවරණ වර්ෂයක්. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට ලැහැස්තියි. ජනතාව අපට සහාය දෙන්න සූදානමින් සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *