පක්ෂය මිලට ගත් කතාව නින්දාවක්…! – දිලිත්…

September 15, 2023 at 9:30 am | by emanisa.lk

මව්බිම ජනතා පක්ෂය තමන් විසින් මිල දී ගත් බවට පළව ඇති වාර්තා අසත්‍යය බව එම පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඒ සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

ලොව සිදුවන සියලු ගනුදෙනු මුදලට සිදුවනු ඇතැයි සිතීම අවැඩදායක වේ.

මව්බිම ජනතා පක්ෂයේ බහුතර තනතුරු මා සහ තවත් (සාපේක්ෂව) තරුණ පිරිසක් වෙත ලබා දීමට මා දිගු කලක් ඇසුරු කල ,අපේ ආදරණීය හේමා අයියා (ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා) කටයුතු කළේ එම පක්ෂයේ වැඩිහිටි, දැන උගත් මෙන්ම ගරු කටයුතු උත්තරීතර මණ්ඩලයේ ඒකමතික තීරණයෙනි. ඊට බලපෑ කරුණ වූයේ අප ඔවුන් වෙත ඉදිරිපත් කළ “නව දේශපාලනය ආඛ්‍යානය” මිස අන් කිසිවක් නොවේ. මෙය පක්ෂයක් මිලදී ගැනීමක් ලෙස දැක්වීම එම ගෞරවනීය මහත්ම මහත්මීන්ට කරන නිගරුවක් ලෙස දැනේ.

දෙවනුව , මා මිත්‍ර රංජිත් විජයවර්ධන සහ සුජාන් විජේවර්ධන, ඔවුන්ට හිමි Daily Mirror පුවත්පතේ “GR TO BACK new political party” ප්‍රධාන ශීර්ෂය යටතේ පලකොට ඇති ලිපිය එනයින්ම අසත්‍ය කරුණු ඇතුලත් ලිපියකි. ඔවුන් මෙය නිවැරදි කරනු ඇතැයි සිතමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *