දුම්රිය වර්ජකයින්ට අවසන් නිවේදන…! වැඩට නාවොත් රස්සාවෙන් දොට්ට…?

September 13, 2023 at 2:57 pm | by emanisa.lk

වැඩවර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට අද (13)දිනයේ දැනුම්දීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි.

උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වු අතර ඊයේ පමණක් දුම්රිය ගමන් වාර 119ක් අවලංගු කර තිබිණි.

පසුව ඊයේ රාත්‍රී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කෙසේ වෙතත් දුම්රිය රියදුරන්ගේ සංගමය මේ වන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර නොමැති අතර මෙම තත්ත්වය තුළ අද දිනයේ දුම්රිය ගමන් වාර 150ක් පමණ අවලංගු වීමේ අවධානම පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ පැවසුවේ අද පෙරවරුවේ පමණක් කෙටි දුම්රිය ගමන් වාර 37ක් පමණ අවලංගු කිරීමට සිදු වු බවය.

යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියාව පමණක් නොව ඔවුන්ගේ දේපළ පවා රාජසන්තක වීමේ අවදානමක් ඇතැයි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *