රාජ්‍ය ඇමැති අහසට වෙඩි තබා මාදිවෙල දෙවනක් කරයි..!

September 6, 2023 at 6:35 pm | by emanisa.lk

පොදුජන එක්සත් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මාදිවෙල නිවාස සංකීර්ණයේ දී අහසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි. මෙම අවස්ථාවේ රාජ්‍ය ඇමැතිවරයා අධික ලෙස බීමත්ව සිට ඇතැයි ද දැන ගන්නට තිබේ.

මෙයට පෙර ඔහු ඇමති බලතල යොදා ගෙන නීති විරෝධි ලෙස බන්ධනාගාරය තුළට ගිනි අවිය රැගෙන ගොස් තෝරා ගත් සිරකරුවන්ට එල්ල කර දණ ගැස්වීම පිළිබඳව චෝදනා එල්ල විය.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම හැසිරීම පිළිබඳ බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *