හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම තහනම් කර තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල මණ්ඩලයේ ඊයේ (05) පස්වරුවේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකර වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව ජයසේකරට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරි දෙසතියක කාලය ඇතුළත අදාළ චෝදනා පත්‍රය ලබා දෙන බවත් එම ලිපියේ සඳහන් වෙයි.
ශ්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා හිටපු වැඩ බලන ලේකම් සරත් ඒකනායක පත් කර ඇත.