නිදහස ජනතා සභාව දෙකඩයි..! ඩලස් 04ක් සමග අනුරට…! ඉතිරි 09 සජිත්ට…!

September 5, 2023 at 9:31 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම එක් නොවීමට තීරණය කළ බව වාර්තා වෙයි.

විපක්ෂ නායක සජිත් වෙනුවට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සමග දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම කෙරෙහි ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය අවධානය යොමු කර තිබේ.

ඩලස් අලහප්පෙරුම එම සන්ධානයට එක් නොවුණ ද ඔහු නායකත්වය දරන නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනාගෙන් 09 දෙනකුම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සන්ධානය සමග එකතු වීමට සූදානම් බවයි, සජබ පාර්ශ්වය සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *