රට ණය උගුලේ හොඳට ම හිරවෙයි…! මාස 06ට ඩොලර් බිලියන 12ක් ණය අරන්…!

September 3, 2023 at 3:44 pm | by emanisa.lk

තෙල් පෝලිම් සහ විදුලි කප්පාදුව නොමැති නිසා රට යථා තත්ත්වයට පත් කොට ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සියලු කටයුතු සිදුකරන්නේ ආණ්ඩුව තව තවත් රට ණය කරමින් බවයි.

2022 දෙසැම්බර් වන විට ඩොලර් බිලියන 84.7ක් වූ රටේ ණය ප්‍රමාණය මේ වසරේ දෙවන කාර්තුව අවසන් වන විට ඩොලර් බිලියන 96.5 දක්වා ඉහළ ගොස් ඇති බව ද මරික්කාර් කියයි.

අවුරුදු 74ක් තිස්සේ ලංකාව ණය ගෙන ඇත්තේ ඩොලර් බිලියන 84ක් පමණ වුව ද වත්මන් ජනාධිපතිවරයා මාස 06ක් ඇතුළත ඩොලර් බිලියන 11.8ක් ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මේ අනුව රටේ ණය බර 14%කින් වැඩි කර ඇති බවටත් ඒ අතර ජනතාවට අසීමිත ලෙස බදු පනවමින් රාජ්‍ය ආදායම ඉහළ දමා ගෙන ඇති බවටත් මරික්කාර් චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *