වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබාදී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙසේ මහණ කරවන තරුණ පිරිස් උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි වැනි සටන්වල පෙරමුණු පළිහක් ලෙස යොදා ගන්නා බවත්, මේ වන විට පන්සියයකට ආසන්න පිරිසක් එසේ පුහුණු කර භික්ෂු වෙසින් සිටින බවත් බුද්ධි අංශ රහස් වාර්තාවකින් රජයට තොරතුරු ලබා දී තිබෙන බව දැන ගන්නට ඇත.
බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අන්දමට මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන පක්ෂයක් සිටින බවට ද තොරතුරු ලැබී තිබේ. මේ හරහා අදාළ ක්‍රියාකාරීන් සිය දේශපාලන මත ව්‍යාප්ත කිරීම සඳහාද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට අනාවරණය වන අතර, අදාළ අංශවල අවධානය ඒ සඳහා යොමු කළ යුතු බවට බුද්ධි අංශ රජයට අනතුරු අඟවා ඇති බව ද වැර්තා වෙයි.