රාජපක්ෂලා ගැන කතා කරද්දි ඇඟේ මයිල් කෙළින් වෙනවා…!

August 28, 2023 at 9:22 am | by emanisa.lk

රට පාලනය කිරීම සඳහා තෝර ගන්නේ රට සංවර්ධනය කළ රාජපක්ෂලා ද මිනි මැරූ අනුර දිසානායකලා ද යන්න ජනතාව තීන්දු කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

“ඊයේ අනුරගේ බත්බැලයන් මගෙන් අහනවා නාමල්ට කඩේ යන්න පිස්සුද කියලා. මම ඇහුවා එහෙම නැතිව උබේ … යන්නද කියලා. රුවන්වැලි මහාසෑය ගාව ඉද්දී මතක්වෙන්නේ දුටුගැමුණු. රට එක්සේසත් කළ නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂට කඩේයන එක වැරැද්දක් කියලා දකිනව නම් ඌ කාලකන්නියෙක්. මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් නවත්වන්න මොළය තියෙන කෙනක් මහින්ද හැදුවා.ඒ අපේ පොඩි මහින්ද, නාමල් රාජපක්ෂ. රාජපක්ෂවරුන් ගැන කතාකරද්දී ඇගේ මයිල් කෙලින් වෙනවා. මහ ලේකම්ට ඇතුළෙනුත් ප්‍රහාර පිටිනුත් ප්‍රහාර.

අනුරලට, රාජපක්ෂලාට ගහන්න ඩොලර් ලැබුණා. රාජපක්ෂලාගේ දේශපාලනේ ඉවරයි කියලා හිතුවා. අපේ ගෙවල් පිච්චුවා. කිහිපබදෙනෙක් මැරුවා. බැසිල් රාජපක්ෂ රටේ ඉන්නවා කියලා උන්දලට අමතක වුණා. ආසන බල මණ්ඩල 100ට වඩා කරලා අවසන්. තෝරගන්න තියෙන්නේ රට සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂලා ද මිනී මරපු අනුර කුමාර තෝරගන්නවා ද කියලා. සජිත් ගැන කතාකරන්න දෙයක් නෑ. සජිත් කියන්නේ ප්‍රේමදාසගේ මෝඩ පුතා.

ෆේස් බුක් එකේ තරුණයින් ටිකක් ඉන්නවා උන්ට ලොකු මාලිමාව. අනුර අදින කලිසම බෙල්ට් එක සපත්තු දෙක අනුන්ගේ ලැජ්ජයි. නාමල්ට ලැම්බෝගිනි 18ක් තියෙනවා කිව්වා සල්ලි උගන්ඩාවේ තියෙනවා කිව්වා. මම ඊයෙත් අනුරට අභියෝග කළා.

නාමල් රාජපක්ෂගේ රත්‍රං අශ්වයාගේ ෆොටෝ එකක් පෙන්නුවොත් තිස්ස කුට්ටිආරච්චි ඉල්ලා අස්වෙනවා. අනුරට හරියන්නේ මම වගේ පොල් කෝම්බ. අපිත් එක්ක එන්න හැප්පෙන්න. අනුර මෝල්ටාවේ සල්ලි ආයෝජනය කළා කියලා පෙරටුගාමීන් කිව්වා. රැට්ටලාට ලක් අම්මලාට එහෙම සල්ලි ආව නම් අනුර කුමාරලාට කොහොම සල්ලි එන්න ඇද්ද. අපි ආඩම්බරකාර බයියන්.”

මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *