රටේ ඒකීයභාවය සුරකින ජනාධිපති අපේක්ෂකයෙක් ගේනවා…! – නාමල්…

August 27, 2023 at 7:53 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ආසන්න වන විට සිය පක්ෂය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම අපේක්ෂකයා, රට දෙකඩ නොකර රටේ ඒකීයභාවය සුරකින නායකයෙක් බවයි.

එසේ ම සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රටේ දේශීය කර්මාන්ත රකින, නවීන ලෝකය සමග ගනුදෙනු කර රට නූතන ලෝකයට රැගෙන යා හැකි අයෙකු බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *