කුඹුරට ගිනි තැබුවොත් වගා හානී නෑ…! පොහොර සහනාධාරයත් නැවත අයකර ගනී…!

August 14, 2023 at 7:27 pm | by emanisa.lk

නියඟය නිසා හානි වූ වී වගාව සඳහා ගිනි තැබුවහොත් ඒ සඳහා කිසිසේත් වගා හානි වන්දි නොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන සේවා රක්ෂණ මණ්ඩලය අවධාරණය කරයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර වෙත කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ වන විට වගා හානි තක්සේරුව ආරම්භ කර ඇති බවත් කුඹුරට ගිනි තබා විනාශ කළහොත් තක්සේරු කටයුතු කළ නොහැකි බවත් එම මණ්ඩලය පෙන්වා දී තිබේ.

එසේ ම කුඹුරට ගිනි තැබුවහොත් රජය ලබා දුන් පොහොර සහනාධාරය ද නිෂ්ප්‍රයෝජන වන බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීම පිළිබඳ සලකා බලන බව ද කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *