රටින් පැන්න වෛද්‍යහොරු 120ක් Black List…!

August 14, 2023 at 10:47 am | by emanisa.lk

විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එකහමාර තුළ මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ පියවර කිහිපයක් ගන්නා බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කළේය.

“මේ වෙනකොට අපි රාජ්‍ය සේවා කොමිසන් සභාවට මාස 6කට වරක් අසාදු ලේඛනයක් යවනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් යවනවා ඔවුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දිය යුතුද යන එක නැවත සලකා බැලීමට සිදුවන කාලයක්.

ඒ නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රටේ ජනතාව වෙනුවෙන් පෙනි සිටින වෛද්‍ය සභාව මේ බ්ලැක්ලිස්ට් කරන වෛද්‍යවරු ගැන තීරණයක් ගනී කියලා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට එය ගත හැකියැයි මම විශ්වාස කරනවා. මෙතෙක් කල් ක්‍රියාත්මක නොවුණු දැඩි නීති රීති ගන්න වෙයි, සම්මත නීති රීතිවලට පටහැනිව රට හැර යෑම සම්බන්ධයෙන්.”

විශේෂඥ වෛද්‍යවරයෙකුවීම සඳහා වෛද්‍යවරයෙකුට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හිමිවන අතර විදේශීයව විශේෂඥ පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් අවම වශයෙන් වසර 8ක කාලයක් මෙරට තුළ සේවය කළ යුතු වේ.

මෙම විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණුකිරීමට රජයට රුපියල් මිලියන 12-15ත් අතර මුදලක් වැය වේ.
කෙසේ වෙතත් පසු ගිය වසර එක හමාරක කාලය තුළ එලෙස පැමිණි වෛද්‍යවරුන් 363 දෙනකුගෙන් 120 දෙනකු පමණ නොදන්වා නීතිවිරෝධී ලෙස යළි විදෙස්ගතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *